කොළඹ මහ නගර සභාවේ නිලධාරිණියන්ට ඉහළ නිලධාරින්ගෙන් ලිංගික අඩන්තේට්ටමි සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය කමිටුවක් පත්කර තිබේ.
10 දෙනෙනකුගෙන් සමන්විතව පත්කරන ලද මෙම කමිටුවට නාගරික මන්ත්රීවරියන් ඇතුළු කාන්තාවන් 8 දෙනෙක් නම්කර තිබේ.
නගර සභාව තුළ මෙවැනි කටයුතු සිදුවේ නම් එය තමන් තරයේ හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කරන බමත් රෝසි සේනානායක මහත්මිය පවසන්නීය.
එසේම කොළඹ නගර සභාව තුළ සේවය කරන කාන්තාවන්ට සිදුවන හිංසා හා පීඩා හා රාජකාරී කිරීමේදී සිදුවන බාධක සම්බන්ධයෙන් තමන්ද දැනුවත් වී ඇති බව නගරාධිපතිනිය ප්රකාශ කරයි.