කොළඹ මහ නගර සභාවේ ,නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක පරිපාලකවරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ඔහු ඇතුළු පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පුද්ගලයන් 52 දෙදෙනකුට කොරෝනා වෛරසය මේ වන විට ආසාදනය වී ඇත.
කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය අංශයේ මගින් සිදුකළ පී. සී.ආර්. පරීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇත.