අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැය 4ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එයින් පිටව ගියේය.
සුදුළුණු බහාලුම් දෙකක් වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරිමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා දේශපාලන අධිකාරියේ බාධා ඇති බවට හා ධුරයෙන් ඉවත් වන ලෙස තමාට බලපෑම් සිදුකරන බවට පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කරන ලද ප්‍රකාශයට අදාළව මෙම විමර්ශන පැවැත්වෙයි.
මෙම විමර්ශනය කඩිනම් කරන ලෙස වෙළඳ අමාත්‍යවරයා පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව එම අවස්ථාවේදීම පොලිස්පතිවරයා ඇමතූ අග්‍රාමාත්‍යවරයා විමර්ශන කඩිනම් කරන ලෙස දැන්වීය.