තරුණයන් 11 දෙනෙක් පැහැර ගැනීමේ නඩුවේ වරෙන්තුකරුවෙකුට රැකවරණය ලබාදුන් බවට චෝදනා ඒල්ල වී සිටින හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (10දා) විදෙස් ගතවී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබියදී ඔහු මෙසේ විදෙස්ගතව ඇත.
ඔහු අද දිනයේදී රාජකාරී කටයුත්තක් සඳහා මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇත. මාණ්ඩලික ප්‍රධානීවරයා නැවතත් සැප්තැම්බර් 19 දා දිවයිනට පැමිණීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා දිනයක්ද ඉල්ලා තිබේ.