අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා මුදල් ලබා ගැනීමට තැත් කල තිදෙනෙකු අත්අඩංවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් ව තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සැකකරුවන් යක්කල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් මරණ තර්ජන ඇති බවත් එම තර්ජන වලින් බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් වශයෙන් අවශ්‍ය බවට සිදුකරන ලද තර්ජනය කිරීම සම්බන්දයෙන් එම කාන්තාව විසින් පසුගිය 04 වැනිදින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට සිදුකරන පැමිණිල්ලකට අනුව මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින අතර ඔවුන් බලංගොඩ, අත්තනගල්ල, ගම්පහ යන ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් අද (06) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.