විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකට මහනුවර දී එල්ල වූ අමානුෂික ප්‍රහාරයට එරෙහිව වහාම නීති ක්‍රියාමාර්ග නොගතහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව විදුලිබල මණ්ඩල තාක්ෂණික හා අධිකාරි සංගමය පවසයි .
විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් ඉකුත් 19වැනි දින මහනුවර පොලිස් වසමේ බහිරව කන්ද ප්‍රදේශයේ විදුලි කණුවක් සිටවීමට ගිය අවස්ථාවක විදුලි බල මන්ඩලයේ සේවකයන් හා ගම්වාසීන් අතරඇති වූ බව කියන බහින්බස් වීමක් දුරදිග යාමෙන්විදුලි බල මණ්ඩලය සේවකයන්ට ගම් මාසයෙන් විසින් පහරදීමක් සිදු කොට ඇති බව පොලීසිය කියයි .
ගම්වාසීන්ද පවසන්නේවිදුලිබල මණ්ඩලයේ සේවකයන් ඔවුන්ට පහර දුන් බවයි . පහරකෑමටලක්වූ බව කියන විදුලිබල මණ්ඩල සේවකයන් දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවද පැවසේ .
ඊට විරෝධය දක්වමිනුත් පහරදීමට සම්බන්ධ වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්නුත් විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් අද (20) දහවල් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදීඋද්ඝෝෂණයක් ද පවත්වන ලදී.
මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීසී . කේ . රත්නායක මහතාගෙන් කළ විමසීමකදීඒ මහතා පවසා සිටියේ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවත් ඔවුන් නිවසෙන් පලා ගොස් ඇති බවත් ය .
පහර දුන් පුද්ගලයන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න