හිටපු නාවික හමුදාපති, ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න මහතා ලංකාවට පැමිණි පසු ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද (12දා)දැනුම් දුන්නේය.
පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කරන ලදැයි කියන සිද්ධියේ සැකකාර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් %නේවි සම්පත්’ නමැත්තාට සැඟව සිටීමට ආධාර අනුබල දෙන ලදැයි කියන සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඉලංගසිංහ මහතා ඒ බව දැනුම් දුන්නේය.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටියදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙක්සිකෝවේ නිල සංචාරයකට එක්ව සිටියි.