ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවුක හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නැවතත් දිවයිනට පැමිණ තිබේ. කොළොම්බියාවේ පැවැති වැඩසටහනකට එක්වීමට ඔහු මෙසේ දිවයිනෙන් පිටත්ව ගියේය.
තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි යනුවෙන් පසුගියදා මාධ්‍ය මගින් තොරතුරු වාර්තා විය.