තමන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු අද දක්වාම කිසිදු පාර්ශවයක් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත්කිරීමක් සිදු කර නොමැති බව අයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ බිරිඳක් ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ලෙස පත්කර ඇති බවට මේ වන විට පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කිසිදු නිළධාරියකුගේ පත්වීමක් ස්ථීර කිරීමට පියවරගෙන නොමැති බවත් අම පුවත අසත්‍ය බවත් ඔහු පවසයි.