ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගුවන් ගනිමින් තිබූ එටිහැඩ් ගුවන් සේවයට අයත් A- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (02දා) දින අලුයම ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානය අලුයම 4.28 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, එහි මගීන් සහ කාර්යය මණ්ඩලයේ 455 ක් ගමන් කර තිබේ.
ගුවන් යානයට ඉන්ධන ලීටර් 40,000 ක් ලබා ගැනීමෙන් අනතුරුව , යළිත් උදෑසන 6.11 ට අබුඩාබි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
ටී.කේ.ජී. කපිල