උත්සව සමයේදී සිදුවූ විවිධ අනතුරු නිසා දින හතරක කාලයක් තුළදී කොළඹ ජාතික රෝහලට රෝගීන් 938 දෙනෙකු ප්රතිකාර ලබාගැනීමට පැමිණ තිබේ.
මෙම පිරිසෙන් 430 දෙනෙකු තවමත් ජාතික රෝහල තුළ ප්රතිකාර ලබාගන්නා බවද රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.
මෙම පිරිස අතර රතිඤ්ඤා අනතුරු නිසා තුවාල ලැබූ 05 දෙනෙකුද ඇතුළත් වේ. 13,14,15,16 යන දින හතර තුළ මෙම රෝගීන් ප්රමාණය වාර්තා වී ඇත.