සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැදගත් පණිවුඩයක් ලබාදීමට සූදානමින් සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයා සමග සිටින බැවින් සංවත්සරය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්, එම උත්සවය වෙනුවෙන් තමන් කොළඹ නගරය නිලෙන් සරසන බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේ ආණ්ඩුව කඩා බිඳ දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකු සූදානම් නැති බවත්, 2020 වන තුරු ප්‍රධාන මැතිවරණයක් නොපැවැත්වෙන බැවින් ඊට පෙර ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම පක්ෂයකට බලය ලැබී නැති බවත්ය.