ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලූතින් ආරම්භ කිරීමට යෝජිත ඉංජිනේරු හා තාක්ෂණ පීඨ පිළිබද ජනාධිපතිතුමා දැණුවත් කිරීමේ විශේෂ හමුවක් අද (10) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රටේ තරුණ තරුණියන්ට නව රැකියා වෙළදපළ ඉලක්ක කරගත් වෘත්තීය අධ්‍යාපන පාඨමාලා හදුන්වාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පහසුකම් පුථල් කරමින් මෙම තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අනාගත ලෝකයේ රැකියා වෙළදපළ හදුනා ගනිමින් සහ රටේ අවශ්‍යතාවය අනුව දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමේ රජයේ වගකීම ඉටු කරමින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල ඉතා අගය කරන බවයි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුලූ පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.