බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්රසාද් සිරිවර්ධන මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද (19දා) දිනයේදී බොරැල්ල නගරයේ ශෝක දිනයක් ප්රකාශයට පත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
සියලුම ආගමික නායකයන් සහ ප්රදේශවාසීන් ප්රජා සමිතිවල සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී බව මන්ත්රීවරයා සඳහන් කළේය.
ඒ අනුව අද දින පස්වරු 2.00 සිට 6.00 දක්වා බොරැල්ල මංසන්ධියේ ඇති සියලුම කඩ සාප්පු වසාදමා ප්රසාද් සිරිවර්ධන මහතාගේ අවසන් කටයුතුවලට සහාය දක්වන බව හෙතෙම පැවසීය.
අද පස්වරු 2.30 සිට 3.30 දක්වා බොරැල්ල පොලිස් ස්ථානයේදී ජනතාවට අවසන් ගෞරව දැක්වීමට කටයුතු යොදා ඇතැයිද සුමතිපාල මහතා සඳහන් කරයි.