එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනය ඉලක්ක කරමින් 2001 වසරේ සැප්තැම්බර් 11දා එල්ල කෙරුණු 9/11 සැමරුම වෙනුවෙන් නිව්යෝක් නගයේදී පැවැත්වීමට නියමිතව තිබුණු මිලිටරි ගුවන් සැමරුම ඊට එල්ල වූ විවේචන හේතුවෙන් අවලංගු කර තිබේ.
හඩ්සන් ගංඟාවට ඉහළින් ගුවන් යානා එක පෙළට ගමන් කරමින් මිලිටරි ගුවන් පාලමක් ලෙස මෙම සැමරුම සංවිධානය කර තිබුණි.
නමුත් මෙම ගුවන් හමුදා සැමරුම මුලින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ට්විටර් පරිශීලකයන් ඊට විවේචන එල්ල කළේ මෙය 9/11 ප්‍රහාරයේ සංවත්සරය පිළිබඳ දෘශ්‍ය හා කම්පනසහගත මතකයන් අලුත් කිරීමක් විය හැකි බව පෙන්වා දෙමිනි.
මීට අමතරව 2002 වසරේ සිට ආලෝකයේ උපහාරයක් ලෙස ද්විත්ව කුලුණුවලට පහර දීම සලකුණු කරමින්, එම කුලුණු ද්විත්වය විදුලි පහන් 88ක් යොදාගනිමින් ගුවනට ප්රක්ෂේපණය කෙරුණු අනුස්මරණයද කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසරේදී අවලංගු කර තිබුණි.
එදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට ප්රහාරයන් එල්ල වූයේද පැහැර ගන්නා ලද වාණිජ ගුවන් යානා යොදාගනිමින්, එම යානා මෙම ගොඩනැගිලිවල ගැටීමට සැලැස්වීමෙනි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය (9/11) ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් වන අල්කයිඩා විසින් සම්බන්ධීකරණය කරන ලද ත්‍රස්ත ප්‍රහාර හතරකි. මෙම ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 10ක යටිතල පහසුකම් සහ දේපල හානිවලට අමතරව මරණ 2,977ක්, තුවාලකරුවන් 25,000කට වැඩි ප්‍රමාණයක් සහ සැලකිය යුතු දිගු කාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇමෙරිකානුවන්ට ඇතිවිය. 9/11 යනු මානව ඉතිහාසයේ සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය වන අතර, එක්සත් ජනපද ඉතිහාසයේ ගිනි නිවන භටය 343ක් සහ පොලිස් නිලධාරීන් 72කට දිවි අහිමි වූ ප්‍රහාරයක්ද විය.