ඉංග්‍රීසි කථන හා ශ්‍රවණ පරීක්ෂණයට කැබිනට් අනුමැතිය ඉල්ලයි
ලබන වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය කෙරෙන ඉංග්‍රීසි භාෂා ශ්‍රවණ හා කථන පරීක්ෂණ දෙක සඳහා ලකුණු 20 ක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.
ඒ අනුව ඉංග්‍රීසි විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයන දිනයේදීම හවස විභාග ශාලාවල මෙම ශ්‍රවණ පරීක්ෂණය සිදුකිරීම නියමිතය. කථන පරීක්ෂණය විභාග අවසන් දින හා දින 3 ක් තුළ පැවැත්වීමට කටයුතු කරනු ඇත.
මෙය අනිවාර්ය පරීක්ෂණයක් වන අතර, ඊට පෙනී නොසිටින විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවීමද සිදුකරනු ලබයි.
මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අමාත්‍යාංශයට රුපියල් මිලියන 100 ක් ලබාදෙන ලෙසද කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.
එසේම ඊට අදාළ පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 21 ක් විභාග දෙපාර්තමේන්තුවට සපයන ලෙසද ඉල්ලා ඇත.
ජාතික අධ්‍යාපන කොමිසම මෙම පරීක්ෂණය පැවැත්වීම නිර්දේශ කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

