එළඹෙන පෙබරවාරි 4 දාට යෙදෙන 70 වැනි නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස දෙවැනි එලිසබෙත් රැජිනගේ බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු සහභාගීවීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ ෆිලිප් කුමරුගේ බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු වැසෙක්ස්හි අර්ල්වරයා ලෙසින් ද හඳුන්වන අතර බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවන අනුපිළිවෙළ අනුව 9 වැන්නා ද වෙයි.
මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යැවූ ආරාධනා පත පිළිගෙන ඇති බව පවසන එම අමාත්‍යාංශය ඒ අනුව එඩ්වර්ඩ් කුමරු, “එක් ජාතියක්“ යන තේමාව ගත් මෙවර නිදහස් උලෙළ සඳහා සහභාගි වනු ඇති බව පවසයි.
ඔහුට අමතරව තායිලන්තයේ සහ ජපානයේ රජ පවුල් වෙත ද මේ සඳහා ආරාධනා යවා ඇති බවද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.