යුරෝපා සංගම් අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවද නොසලකා හරිමින් එල්.ටී.ටි.ඊ. සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමටයි යුරෝපා සංගමය තීරණය කරතිබේ.
ඊයේ රැස් වූ යුරොප් කවුන්සිලය ගත් මෙම තීරණය හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් 28ක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස තවදුරටත් ලැයිස්තු ගතකොට තිබේ. යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම යළි දීර්ඝ කිරීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තියේ ශක්තිමත්භාවය පිළිඹිබු කරන අවස්ථාවක් බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ මෙය වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක් බවයි.
මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස එසවීම වැලැක්වීම සඳහා ප්‍රඥාවන්තව කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තහවුරුවීමක් මෙමගින් සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.