500M කලාපය ඉක්මනින් ඉවත් කරනවා
සාලාව කඳවුර අවට යොදා තිබෙන මීටර් 500 ක ආරක්ෂිත කලාපය ඉතාමත් කඩිනමින් ඉවත් කරන බව යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
ඊයේ (07දා) සවස සුළු පිපිරීමක් කඳවුර තුළ ඇතිවූ බවත්, මීට අමතරව අද (08දා) පෙරවරුවේදී යම් දූමක් පිටවූ බවත්, මේ නිසා කඳවුර ඉදිරිපිට මාර්ගය විනාඩි 10 කට වසා දැමූ බවද බ්රිගේඩියර්වරයා පවසා සිටියේය.
දැනට ආරක්ෂිත ප්ර‘දේශවල පවතින අනතුරුදායී කොටස් බව හමුදා පිරිස් විසින් ඉවත් කරමින් සිටින බවත්, එම කටයුතු අවසන් වූ සැණින් ජනතාවට එම ප්ර‘දේශයට ඇතුළත්වීමට අවස්ථාව ලබාදෙන බවද පවසා සිටියේය.
මීට අමතරව පුපුරා ගිය කොටස් තිළිණ ලෙස තබා ගැනීමට යම් යම් පිරිස් කටයුතු කරන බවට වාර්තා වන බවත්, එම සියලුම කොටස් හමුදාව සතු දේපළක් නිසා එවැනි දේ සිදු නොකරන ලෙසත්, ළඟ තබාගෙන සිටින සියලු කොටස් නැවත හමුදා වෙත බාරදෙන ලෙසද හෙතෙම ඉල්ලීමක් කළේය.
බ්රි‘‘ගේඩියර්වරයා මේ බව පැවසුවේ, අද (08දා) පැවැති මාධ්ය සාකච්ඡාවකදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

