රජය මඟින් ලබාදෙන රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් වූ ජනතා දුක්ගැනවිලි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවන 1965 යන දුරකථන අංකය අමතා ඉදිරිපත් කළ හැකි බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.
සමෘද්ධිලාභීන්, අඩු ආදායම් ලාභීන් මෙන්ම කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූවන් සඳහා රජය විසින් මෙම දීමනාව ලබා දේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දීමනාව ලබා දීම සඳහා වූ සුදුස්සන් තෝරා ගැනීමේ බලය ග්‍රාම සේවා වසමට විමධ්‍යගත කර ඇති බවයි.
ඒ අනුව යම් අයකුගේ නම ඇතුළත් නොවන්නේ නම්, එහෙත් ඔහු දීමනා ලැබීමට සුදුස්සෙක් නම් අදාල ලේඛනයට නම ඇතුලත් කිරීමේ බලය ග්‍රාමීය කමිටුවට හිමි වන බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.