වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 19ක පවුල් 341,411කට අයත් පුද්ගලයන් 1,189,123 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 46,100කට අයත් පුද්ගලයන් 151,262ක් පීඩාවට පත්ව සිටිති.
මෙම පිරිසට නියං සහනාධාර ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මේ අනුව මාසයකට රුපියල් 2500 වාරික දෙකක් වශයෙන් මාසයකට රුපියල් 5000 ක භාණ්ඩ ප්‍රමාණයක් හිමිවන බවද පවසා සිටියේය.