4U9525 යානයේ ප්‍රධාන කළු පෙට්ටිය විනාශ වීද?
පුද්ගලයන් 150 දෙනෙකු සමග ප්‍රංශ ඇල්ප්ස් කඳුකරයේදී විනාශ වී ගිය ජර්මන්වින්ග්ස් 4Uෙ9525 යානයේ ප්‍රධාන කළු පෙට්ටියට අනතුරින් දැඩි අලාභානි සිදුවන්නට ඇතැයි ලුෆ්තන්සා ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටියේය.
ලුෆ්තන්සා ගුවන් සේවයේ පරිපාලිත ගුවන් සේවයක් වන ජර්මන්වින්ග්ස් ගුවන් සේවයට අයත් යානයේ අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලුෆ්තන්සා අධ්යක්ෂ මණ්ඩල සභාපති කේයි ක්රැට්කි පවසා සිටියේ කළු පෙට්ටියෙන් සංඥා බලාපොරොත්තු විය නොහැකි තරමට එය විනාශ වී තිබිය හැකි බවයි.
කෙසේ වෙතත් යානා අනතුරත් සමග එහි නියමු කුටියේ වූ කළු පෙට්ටිය පමණක් මේ දක්වා සොයාගෙන ඇති අතර, එමගින් යම්තාක් දුරකට යානයේ ඉරණම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ යානයේ සහාය නියමුවා හිතාමතා මෙම අනතුර සිදුකරන්නට ඇති බවට සැකයක් ඉතිරි කරමිනි.
එමෙන්ම, අනතුර සිදුවූ ස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුම් සඳහා අයහපත් කාලගුණය හරස්වී ඇති අතර, කඳුකර ප්‍රදේශය වෙත පයින් හෝ හෙලිකොප්ටර් ආධාරයෙන් පමණක් ගමන් කළ හැකි බවද කියැවෙයි. කෙසේ වෙතත්, අනතුර සිදුවූ ස්ථානය ආසන්නයට පැමිණීම සඳහා අලුතින් මාර්ග සැකසීමද මේ වනවිට ලහි ලහියේ සිදුවන බවද විදෙස් වාර්තා පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් 80කගේ ඩී.එන්.ඒ. දත්ත මේ වනවිට හමුවී ඇති බවද ප්‍රංශ බලධාරීහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

