4U 9525 යානය හිතාමතා අනතුරට ලක් කරලා?
පුද්ගලයන් 150 දෙනෙකු සමග පසුගිය අඟහරුවාදා අනතුරට පත් ජර්මන්වින්ග්ස් ගුවන් සේවයට අයත් 4U 9525 යානය එහි සහාය නියමුවා විසින් හිතාමතා අනතුරට ලක්කර ඇති බව ප්රංශ බලධාරීහු පවසති.
යානයේ තිබී සොයාගත් කළු පෙට්ටිය ආශ්රයෙන් ලබාගත් හඬ පට අනුව, යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි සහාය නියමුවා පමණක් නියමු කුටිය තුළ සිට ඇත.
යානයේ නියමුවාට නියමු කුටියට ඇතුළු වීමට අවස්ථාව නොදී ඔහු ඒ තුළ අඟුළු දමාගෙන, හිතාමතාම යානය පහළට ගමන් කරවමින් මෙම අනතුර සිදුකරන්නට ඇති බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
ඇන්ඩ්රේස් ලුබිට්ස් ලෙස හඳුනාගෙන ඇති මෙම සහාය නියමුවා, යානය අවසන් මොහොතේ අනතුරට පත්වන තෙක්ම ජීවතුන් අතර සිටි බවටද හඬ පටය ඇසුරින් සොයාගෙන තිබේ. එමෙන්ම, යානයේ නියමුවා විසින් යානයේ පාලනය සියතට ගන්නා ලෙස සහාය නියමුවාට පවසන හඬත්, ඒ සමගම නියමු කුටිය තුළ ආසනය පසුපසට ගෙන නියමු කුටියේ අඟුළු දමන හඬත් කළු පෙට්ටිය ඇසුරෙන් සොයාගෙන තිබේ. මේ අවස්ථාවේදී සහායක නියමුවා විසින් යානය පහළට ගැනෙන ස්විචයන් ඔබා ඇති අතර, මෙය ඔහු හිතාමතා කරන ලද්දක් ලෙස සොයාගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

