වයස අවුරුදු නවයක පාසල් දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පල්ලේපොල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු එළැඹෙන 29 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නාවුල මහේස්ත්‍රාත් සංජීව මුණසිංහ මහතා නියෝග කළේය.
4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය පාසල් වේලාවේදීම විදුහල්පතිවරයාගේ ලිංගික අතවරවලට ලක්වී ඇති බවත්, දැරියගේ මව විදේශගතව රැකියාවක නියැළී සිටින බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මාතලේ සෝමරත්න