බදුල්ල නගරයේ කිසිදු වෙළෙඳ සැලක් අද ,හෙට ,අනිද්දා (4,5,6) දිනවල වසා නොදමන බව බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද (4) බදුල්ල මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය .
කොරෝනා වයිරසය හේතුවෙන් බදුල්ල නගරය 4,5,6, දින වල වසා දමන බවට විවිධ සමාජ මාධ්‍ය හරහා වැරදි ප්‍රචාරයක් පලකිරීමනිසාවෙන් ජනතාවට වැරදි අවබෝධයක් ගිහින් ඇති අතර ,මේ නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව දිගින් දිගටම තමාගේ දුරකථනයෙන් ඒ පිළිබඳව විමසා සිටි බවද හෙතෙම කීය .
නගරයේ වෙළෙඳ සැල් යම්කිසි විටෙක වසා දමනවා නම් සෞඛ්‍ය අංශයේ ,ආරක්ශක අංශයේ උපදෙස් මත මන්ත්‍රී මංඩලයේ දැනුවත් කර එය කරන බවද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවද නගරාධිපතිවරයා සදහන් කළේය .
මෙහිදී බදුල්ල වෙළෙඳ සංගමයේ සභාපති වසන්ත අබේකෝන් මහතා පවසා සිටියේ මෙම වැරදි ප්‍රචාරය නිසාවෙන් වෙළෙඳ සංගමය මෙන්ම තමන්ද දැඩි අපහසුතාවට පත් වූ බවත් ,නගරයේ රෙදි පිළි වෙළෙඳසල් හිමියන් සිය කැමත්තෙන් නගරයේ රෙදි පිළි වෙළෙඳසල් 5,6 දෙදින වසා දැමීමට තීරණය කර ඇති බවයි .
මෙම අවස්ථාවට වෙළෙඳ සංගමයේ නියෝජිතයන් ,ව්‍යාපාරික ප්‍රජාව , බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බදුල්ල පරිපාලන ග්‍රාම නිලධාරි ආනන්ද රුවන්වැල්ල යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් සහභාගි වූහ.