ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාදාස සුරියආරච්චි මහතා දැයෙන් සමුගනී
සිළුමිණ උපදේශක කර්තෘවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‘වේදී කරුණාදාස සූරියආරච්චි (කසුරි) මහතා අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය. 2005 - 2013 සමයේ සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ හෙතෙම පාඨක ආකර්ෂණය දිනාගත් තීරු ලිපි රචකයෙක් විය. %කසුරි^ යන අන්වර්ථ නාමයෙන් පාඨකයන්ට හෘදයාංගමව ආමන්ත්‍රණය කළ සුවිශේෂ මාධ්‍යවේදියෙකු ලෙස සූරියආරච්චි මහතා ප්රකටය. %කසුරි^, තරුණ මාධ්‍යවේදීන්ට නිරන්තරයෙන් අතදුන් ජ්‍යෙෂ්ඨයෙකු වූ අතර, වයස් භේදයකින් තොරව මාධ්‍ය සගයන් අතරද ජනප්‍රිය චරිතයක් විය.
සම්මානීය නවකතාකරුවෙකු වූ සූරියආරච්චි මහතා ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය‘යෙකි.
මේ වනවිට ඒ මහතාගේ දේහය ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. හෘදයාංගම මාධ්‍යවේදියාගේ අභාවය පිළිබඳව 'අද' පුවත්පතේ සාතිශය සංවේගය මෙසේ පළකර සිටිමු.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

