ʻʻලංකාවේ අරුම පුදුම දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂයේ අය එම පක්ෂයේ නිල නායකයා සිටියදී එම පක්ෂයේ සාමාජිකත්වය පවා නොගත්ත අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් දේශපාලනය කරනවා යැයිʼʼ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
පසුගිය 05 දින ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
ʻʻමේක අරුම පුදුම දේශපාලන පක්ෂයක්. එයාලා දන්නේ නෑ එයාලාගේ පක්ෂයේ නායකයා කවුද කියලා. වෙනත් පක්ෂවල අයගේ ෆොටෝ ගහගෙන තමයි දේශපලනය කරන්නේ. වැරදිලාවත් බල ප්‍රදේශවල ජනතාවගේ අවාසනාවට ඒ වගේ අපේක්ෂකයෙකු දිනුවොත් මම දන්නේ නෑ ඒ අය මොනවා කරයි ද කියලා.
පසුගිය ඉතිහාසය තුළ ලංකාවේ කොමිසම් පත් කිරීමේ යටි අරමුණ වුයේ එම සිද්ධිය සදහා කල් මරාගැනීමයි. නමුත් මේ වතාවේ බැදුම්කර සිද්ධිය ට අදාළ කොමිසම පත්කළේ ජනාධිපතිවරයා. මේ ඇතිවන තත්ත්වය පිළිබදව වාසි නම්බු ලබා ගන්න අද කට්ටිය ඉන්නවා. නමුත් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් නොකළා නම් මේ අද සිදුවන ආකාරයට කටයුතු සිදුවන්නේ නෑ. ජනාධිපතිවරයා මේ කොමිසම පත්කිරීමේ දී ඇතුළතින් ම යම් යම් බාධාවන් ආවා. නමුත් එතුමා ඒ කිසිවකට ඇහුම් කන් නොදී මේ කොමිසම පත්කළේ. ඒ පත්කළ සාමාජිකයන්ට නිදහස්ව පරීක්ෂණය කරන්න අවශ්‍ය පසුබිම සකස් කර දුන්නා. වාර්තාව ලැබුණු පසුවත් යම් යම් පුද්ගලයන් ඉල්ලීම් කළා මෙය මේ අවස්ථාවේ ප්‍රසිද්ධ නොකරන ලෙස මැතිවරණ අවස්ථාවක් නිසා. නමුත් ජනාධිපතිවරයා එසේ කළේ නෑ. එය අපි දකින්නේ තමන්ගේම පිලේ කෙනෙක් වුවත් වැරදි කරනවා නම් දඬුවම් දෙන්න ජනාධිපතිවරයා පසුබට නොවන බවට දීපු ආර්ශයක්. මේ රටේ යුක්තිය සාධාරණත්වය ,ප්රජාතන්ත්රවාදය, ජනසම්මතවාදය අගය කරන සියලු දෙනා එතුමා ගනු ලැබු ක්‍රියාමාර්ග ගැන සතුටුයි. අතලොස්සක් වු දේශපාලඥයන් අසතුටු වුණාට ඒ ගැන අපි තැකීමක් කරන්නේ නෑ. අද රටේ අතිබහුතරයක් ජනතාව මේ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කටයුතු කරනවා.
එක එක පක්ෂ මැතිවරණය වර්ජනය කරන්න කිව්වට අපේ රටේ ජනතාව ඡන්දය කියන්නේ තමන්ට ලැබුණු විශාල බලයක් ලෙස සලකනවා. ඡන්දේ කාලෙට ඡන්ද 05ක් තියෙන නිවසක ගෘහ මූලිකයා සිටින්නේ හරියට තමන්ට ටී-56 පහක් තියෙනවා වගේ. ලොකු ආත්ම ශක්තියකින් යුතුව. ඒ නිසා ලංකාවේ ඡන්ද වර්ජනය කරන්න කිව්වට සාර්ථක වෙන්නේ නෑ. ʼʼයැයි ද පවසා සිටියේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්