ඉදිරි දිනවල (30දා සිට) දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර කොටසේ, වැසි තත්ත්වය වැඩි වීම සදහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ගොඩනැගෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වන බවත්, පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත් වල උදය කාලයේදී ද වැසි ඇති වන බවද පැවසෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.