සිල්ලර සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා එලඹෙන 30 සහ 31 දෙදින තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති සමාලෝචන රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතව තිබේ.
සංචාර සීමා තහනම අඛණ්ඩව ක්‍රියාත්මක වේ යැයි බියෙන් ජනතාව බඩු එක්රැස් කරගෙන තබා ගැනීම හේතුවෙන් ජංගම වෙළඳුන්ට ආදායම් නොමැති වීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇත.
එසේම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බේකරි නිෂ්පාදන ආයතන ජංගම අලෙවි සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ද මෙම රැස්වීමට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.