30දා වැඩ වර්ජනයට කම්කරුවන් නෑ
2027 අයවැයට එරෙහිව ඇතැම් රාජ්‍ය සේවක වෘත්තීය සමිති විසින් (30) දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනයට කිසිදු සහායක් ලබා නොදෙන බව හැටන් බෝගහවත්ත ප්‍රදේශයේ වතු කම්කරුවන් පවසයි.
(28) දින සේවයට වාර්ථා කිරිමට ප්‍රථම බෝගහවත්ත හින්දු කෝවිල වෙත (28) දින පැමිණි වතුකම්කරුවන් රජයට ආශිර්දාව පතා වැඩවර්ජනය කිරිමට සැලසම් කර ඇති වෘත්තීය සමිතිවලට ඒරෙහිව පොල් ගසා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය .
එහිදී ඔවුන් කියා සිටියේ වත්මන් රජය විසින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම ඇතුළු රජයේ ගෙනියන වැඩපිළිවෙළට තම සහයෝගය දක්වන බවයි. එවැනි වැඩපිළිවෙළකට සමස්ථ රාජ්‍ය සේවකයින් සහාය දැක්විය යුතු බවත්, ඊට එරෙහිව ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට තම විරෝදය දක්වන බවද වතු කම්කරුවන්පැවසීය.
(30) දින සමස්ථ වතුකරයේ රජතාව සුපුරුදු පරිදි තේදළු නෙළීමෙ කටයුතුවල නියැලෙන බව උද්ගෝෂණයේ නිරත වතු කම්කරුවන් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
