ටෙලෝ පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම නිසා උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය පී.ඩෙනිශ්වරන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ්‍රීකාන්ත මහතා පැවසුවේය.
වවුනියාවේ පිහිටි ටෙලෝ පක්ෂ කාර්යාලයේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (20) රාත්‍රියේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව පවසා සිටියේය.
මේ අනුව පී.ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමත් සමග ඩෙනිශ්වරන් සතුව පැවති ටෙලෝ පක්ෂයේ අමාත්‍ය ධුරය ඔහුට අහිමි වන අතර, ඩෙනිශ්වරන්ගෙන් පුරප්පාඩු වන තනතුර වෙනුවෙන් ටෙලෝ පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී වින්දන් කනගරත්නම් පත් කිරීමට පියවර ගෙන ඇති බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ කියා සිටියහ.