එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 27 වැනි සැසිවාරය අද (08දා) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ආරම්භ වෙයි.
එහි මහකොමසාරිස් වශයෙන් පසුගිය සැප්තැම්බර් මස පළමු වැනිදා සිය ධුරයේ වැඩ බාර ගත් ජෝර්දානයේ සෙයිද් අල් හුසේන් කුමරුගේ පළමු මානව හිමිකම් සැසිවාරය වන්නේද මෙයයි.
ශ්රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාද හා මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීමට සම්මත කරගත් යෝජනාව අනුව පත්කළ කමිටුවේ පළමු වාචික තොරතුරු යාවත්කාලීන කිරීම සැප්තැම්බර් 24 වැනිදා සිදුකිරීමට නියමිතය.
සාසිවාරය සැප්තැම්බර් 26 වැනිදා අවසන් වෙයි.