මෙරට තුළ තවත් පෞද්ගලික වෛද්‍ය පීඨ කිහිපයක් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු සිදු වෙමින් පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
මේ වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සියලූ සුදුසුකම් සපුරා තිබෙන හෙයින් ඊට අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදු වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.