පාර්ලිමේන්තුව තුළ ලබන 24 වැනිදා පළාත් පාලන ආයතන පනත සම්මත වීමෙන් පසුව 25 වැනිදා සිට මැතිවරණ කල්දැමීමේ බලය ආණ්ඩුවට අහිමිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
25 වැනිදා සිට මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙන බැවින් ආණ්ඩුවට ඒ සඳහා මැදිහත්වීමට නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.
එතැන් සිට මාස තුනක් ඇතුළතදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුව බවද මන්ත්රීවරයා ප්රකාශ කළේය.