වංචා හා දුෂණ සොයා බැලීම සදහා වත්මන් රජය බලයට පත්වීමෙන් දින කිහිපයකට පසුව ස්ථාපනය කරනු ලැබූ ‘දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය‘ පෙරේදා (ජුනි 30දා) දින සිට වසා දමා ඇතැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.
දුෂණ සම්බන්ධයෙන් තමන් වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කොට වාර්තා සකස් කොට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ වෙනත් ආයතන වෙත යොමු කිරීම සදහා ‘දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය‘ පිහිටවනු ලැබීය.
දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපනය කිරීමෙන් පසුව එයට පැමිණිලි 800 ක් පමණ ලැබී තිබුණ බවත් එයින් පැමිණිලි 250ක් විමර්ශන අවසන් කොට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කරනු ලැබ ඇති බවත් කැෆේ සංවිධානය පවසයි.
එසේම නීතිපති දෙපාර්තමේන්තුව හරහා චෝදනා පත්‍රගොනු කොට ඇති නඩු 42 ක ම දුෂණ මර්ධන කමිටුවේ විශේෂඥ උපදෙස් ලැබූ සිදුවීම් වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මහින්ද රාජපක්ෂ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 700 ක් පමණ ද, යහපාලන රජයේ අමාත්‍යවරුන්, ලේකම්වරුන් පිළිබද පැමිණිලි 30 ක් ද,වෙතත් පැමිණිලි 70 ක් පිළිබද ලේකම් කාර්යාලය කටයුතු කොට ඇති බව සඳහන් වෙයි.
වත්රමන් රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දුෂණ චෝදනා එල්ලවීමත් සමගම දුෂණ මර්ධන ලේකම් කාර්යාලය වසා දැමීමට රජය විවිධ උපක්‍රම යොදනු ලැබූ බවත් කැෆේ සංවිධානය වැඩිදුරටත් චෝදනා කරයි.