2500 අනිවාර්යයි - නැතිනම් නඩු
වතු සේවකයන්ට රු.2500 පඩි වැඩි වීම අනිවාර්ය බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ අය වැය සහන දීමනාව යටතේ පෞද්ගලික අංශයේ සේවකයන්ට රු.2,500 ක පඩි වැඩි වීම සම්බන්ධයෙන් අද(28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
සියලුම පෞද්ගලික ආයතන හිමියන් විසින් මෙම මුදල ලබා දීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකරන පුද්ගලික ආයතන හිමිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
වැවිලි සමාගම් විසින් වසර දෙකකට වරක් සේව්‍ය සේවක දෙපාර්ශවයේ එකගතාවයෙන් ඇති කරනු ලබන සාමුහික ගිවිසුමක් මත පඩි වැඩි වීම සිදුවේ. ඒ අනුව 2013 ඇති කර ගත් සාමූහික ගිවිසුම 2015 මාර්තු31 දායින් අවසන් විය. නමුත් නැවත පඩි වැඩි වීම සම්බන්ධයෙන් සාමුහික ගිවිසුමක් අත්සන් කර නොමැති බැවින් පන් ලක්ෂයක් පමණ වන වතු කම්කරුවන් හට නැවත පඩි වැඩි වීමක් සිදු නොවන නිසා මෙම රු.2,500 දීමනාව ගෙවීම අනිවාර්ය බව අමාත්‍යවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

