රයන් ජයලත් ශිෂ්‍යයා පැහැරගෙන යාමට පැමිණි වෑන්රථය කාගේද යන්න ඇතුළු ඉල්ලීම් 05කට හෙට (24දා) දිනය තුළ පිළිතුරු නොලැබුණහොත් අනිද්දා (25දා) රට පුරා සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට පැමිණි පිරිස්වලට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, සිදුකරන ශිෂ්‍ය මර්දනයට ජාතියෙන් සමාවගෙන සිරගත කර සිටින ශිෂ්‍යයන් වහාම නිදහස් කර මෙවැනි සිද්ධි වළක්වා ගැනීමට රටට ප්‍රතිඥාවක් ලබාදිය යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
හෙට දිනය තුළදී මෙම ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් 25 වන දින උදේ 7.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් දියත් කරන බවද ඒ මහතා අවධාරණය කළේය.