බූස්ස ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී මීට සතියකට පෙර කැබ් රථයකින් පැමිණ පැහැරගෙන යන ලද අනුර ප්‍රියන්ත ද සොයිසා නැමති දෙදරු පියා සොයාදෙන ලෙස ඉල්ලා බූස්සේදී ගාල්ල මාතර මහා මාර්ගය අවහිර කරමින් රථවාහනයට ඉඩ නොදී තුන්සියයක පමණ පිරිසක් අද (11) පැය තුනක පමණ වේලාවක් උද්ඝෝෂණයක් කළහ.
ගාල්ලේ රියදුරු පාසලක පුහුණු උපදේශකවරයෙකුවන අනුර නැමති අය පැහැරගෙන ගොස් ඇත්තේ පිරිසකට රියදුරු පුහුණුව ලබාදෙමින් සිටියදීය.උද්ඝෝෂකයින් පාර සම්පූර්ණයෙන්ම අවහිරි කිරීම නිසා ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන බූස්ස හන්දියෙන් හරවා මලිදූව හරහා රත්ගම ඔස්සේ ධාවනය කෙරුණ අතර කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ වාහන රත්ගම හන්දියෙන් හරවා මලිදුව හරහා බූස්ස ඔස්සේ ධාවනය කරවන ලදී.
අනුර පිළිබද තොරතුරක් ලබාදෙනතුරු අඛණ්ඩව මෙම උද්ඝෝෂණය පවත්වන බව උද්ඝෝෂකයෝ පැවසූහ.උද්ඝෝෂණය ආරම්භකොට පැය තුනකට පමණ පසු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ද සිල්වා මහතා පැමිණ හෙට උදේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී මේ පිළිබද සාකච්චා කරන බවට පොරොන්දුවක් වීමෙන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.
ගාල්ල රවිදු දීයගහගේ සහ ජිනේෂ් නානායක්කාර