දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් එළඹෙන (24දා) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ වන තෙක් දිවයිනේ බොහෝ පළාත්වලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (21දා) දහවල් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි .
එසේම හෙට (22දා) දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවට මල් තුහින පතිත විය හැකි බව හා උදෑසන හා රාත්‍රී කාලයේ පවතින අධික සීතල ඉදිරියටත් පැවතිය හැකි බවට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.