පවතින වියළි කාලගුණය නිමා කරමින් එළැඹෙන 23 දා සිට දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්මක පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.