සුපිරි නළු රජනිකාන්ත්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නවත්වන ලෙසට තමන් නොකී බවත් කීවේ එම සංචාරය පිළිබඳව නැවත සලකා බලන ලෙස පමණක් පැවැසූ බව තමිල්නාඩු දේශපාලඥයින් පවසා තිබේ.
රජනිකාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කිරිමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කළ ඥානම් පදනම නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ දේශපාඥයින් අසත්‍ය ප්‍රතිචාර පළ කිරීම හේතුවෙන් සුපිරි නළුවා ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කළ බවයි.කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඔහුව අපහසුතාවට පත්කිරමට අදහස් නොමැති බවත් එම පදනම් සඳහන් කළේය.
ඥානම් පදනම විසින් ශ්‍රී ලංකවේ දමිල ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 150ක් ඔවුන්ට බෙදා දීමේ උත්සවයකට එක්වීම සඳහා රජනිකාන්ත් එළැඹෙන 9 දා හා 10 දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පසුව රජනකාන්ත් නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ තමිල්නාඩු දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරමින් තමන් ශ්‍රී ලංකාවේ අවංගු කරන බව පැවැසීය.
මේ අතර ටී.වී.කේ. පක්ෂයේ නායක වෙල්මුරුගන් හා වී.සී.කේ. පක්ෂයේ නායක තොල් තිරුමාවලන් ඥානම් පදනම නිකුත් කළ නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ එය ඔවුන් සිතන ආකාරයට කළ ප්‍රකාශයක් බවයි.
මේ අතර ඉන්දීය මධ්‍යම රජයේ මාර්ග ප්‍රවාහන, මහාමාර්ග හා නාවික කටයුතු අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් මහතහො භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු සභාපති තමිලිසායි සුන්දරරාජන් මහතා ප්‍රකාශ කර ඇත්තේ රජනිකාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරය කර දමිල ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමේ උත්සවයට එක්විය යුතුව තිබූ බවයි.