ඇමෙරිකා එක්සත් ජනපදය පොලී අනුපාත ඉහළ නැංවීමට ගත් තීරණය හෝතුවන් ශ්‍රී ලංකාවට ඉදරියේදී තදබල ආර්ථික පීඩනයක් ඇතිවෙනු ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ සඳහා මුහුණ දීමට නම් කෙටිකාලීන පියවර වලට නොයමින් තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවැසීය.
“රාජ්‍ය දේපල විකුණා දැමීමෙන් හෝ රාජ්‍ය දේපල අන්සතු කිරීමෙන් හෝ අපට තාවකාලිකව මේ විදේශ විනිමය ප්රශ්නය විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්න පුළුවන්. නමුත් නැවත නැවතත් මේ අර්බුදයට ලංකාව ගමන් කරනවා.
අපට තිරසර විසඳුමක් නොතිබ්බොත්. එනිසා අනිවාර්යයෙන්ම අපේ අපනයන ක්ෂෙත්රයේ අපි විශේෂයෙන්ම තේ, පොල්, රබර් ඇඟලුම්මත පදනම් වෙන්නේ නැතිව ඉලෙක්ට්‍රොනික හා අන්තර්ජාලය සම්බන්ධවෙච්ච දැනුම පදනම් කර ගත් නවෝත්පාදන කි‍්‍රයාදාමයට මුල්තැන දුන් අපනයන කි‍්‍රයාවලියකට වහාම යුහුව නැඹුරු විය යුතුයි” යැයිද අමාත්‍යවරයා පැවැසීය.
සිය ෆේස්බුක් පිටුවට විඩියෝ පටයක් එක් කරමින් අද (26දා) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.