එළඹෙන 22 දිනෙන් පසු යළිත් වරක් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල ඇදහැළෙන වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර අද (20දා) බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම යන පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කයන්හි පස්වරු 02.00 පසු වැසි හෝ ගිඟුරුම් වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
විශේෂයෙන් වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකි අතර මේ හේතුවෙන් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.