මෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙයි.
අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 23 වෙනිදා මෙම පුද්ගලයා රෝහල් ගත කොට ඇත.
මෙම පුද්ගලයා ඊයේ දිනයේදී මිය යාමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කෝවිඩ් ආසදිතයෙක් බවට තහවුරු වී ඇත.