2100 දී පොසිල ඉන්ධන අවසන් දේශගුණික විපර්යාසවලට කඩිනම් විසඳුම් සොයන්න - එක්සත් ජාතීන්
බලවත් තර්ජනයක් වී ඇති දේශගුණික විපර්යාස වැළැක්වීමට ලෝකය කටයුතු නොකළහොත්, සීමාවකින් තොරව භාවිත වන පොසිල ඉන්ධන 2100 දී අවසන් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ විශේෂඥයන් පිරිසක් අනතුරු ඇඟවා තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය විශේෂඥ කණ්ඩායමක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ 2050 වනවිට ලෝකයේ විදුලි නිෂ්පාදනය අනිවාර්යයෙන්ම අවම කාබන් භාවිතයක් සහිත ප්‍රභවයන්ගෙන් සිදුකළ යුතු බවයි.
එසේ කටයුතු නොකළහොත්, ලෝකය වඩාත් භයානක, පැතිරුණු හා වෙනස් නොකළ හැකි අනතුරකට මුහුණ දෙනු ඇති බවද එම විශේෂඥ කණ්ඩායම අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීමේ වන්දිය ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමේ වන්දියට වඩා වැඩි අතිශය වැඩි බවයි.
"විද්‍යාව කතා කර තියෙනවා. ඔවුන් ඉදිරිපත් කරන පණිවුඩයේ වක්‍රෝක්තියක් හෝ ව්‍යංගාර්ථයක් නැහැ. නායකයන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. කාලය පවතින්නේ අපේ පැත්තේ නොවෙයි" යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් පවසයි. "දේශගුණික විපර්යාස වැළැක්වීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවට මිත්‍යාවක් පවතිනවා. නමුත්, ඒ වෙනුවෙන් ක්‍රියා නොකර සිටීමෙන් වැය වන පිරිවැය ඊට වඩා බොහෝ වැඩියි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

