යෝජිත විසිවැනි ව්‍යවස්ථා සංශෝෂනය මගින් බිහි කරන්නේ අත්තනෝමතික ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කිරීමට හැකි ජනපතිවරයෙක් හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බව බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනපති ලිපියක් යොමුකරමින් පවසති.
ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ මහතාගේ බලය හා ස්ථාවරත්වය හීන කරන විස්ස මගින් අමාත්‍ය මණ්ඩලය ඕනෑම අවස්ථාවක වෙනස් කිරිමට ජනපතිට බලය ලැබෙන බවත් උන්වහන්සේලා සඳහන් කරති.
30කට සීමා කර තිබූ අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීම සම්බන්ධයෙන් යටි අරමුණුත් පැවැතිය හැකි බවද උන්වහන්සේලා සිය ලිපියෙන් පවසති.
ජනපතිධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියා අධිකරණයට ගෙන යෑමේ බලයද මහජනතාවට අහිමි කර ඇති බවත් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ගැන නැවත සිතා බැලිය යුතු බවත් උන්වහන්සේලා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසති.