19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමෙන් අනතුරුව ඊයේ (28දා) පාර්ලිමේන්තුව ඇමතූ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේ මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් බවයි.
මෙයින් සෑහීමකට පත්නොවන බවත් හොඳ මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අයුරින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතකරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
ජනපතිවරයා කිසිම ජනපතිවරයෙක් නොකළ කාර්යයක් ඉටුකළ බවත්, ජනපතිවරයා නිර්ලෝභීව බලය බෙදා හළ බවත් ඔහු කීවේය.