නව මැතිවරණ ක්‍රමයක් ගෙනඒමට අදාළව ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්කැබිනට් මණ්ඩලය එකඟතාවට පැමිණියේය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගැනීම සඳහාම ජනපතිවරයා ඊයේ (08දා) විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය රැස්කළ අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණි.
20 වැනි සංශෝධනයෙන් පාර්ලිමේනතුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255 දක්වා වැඩි කිරීමට මීට ඉහත කර තිබූ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය කැබිනට් රැස්වීමේදී විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන අතර, එය දැනට පවතින 225ම වියයුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ඒ අනුව කැබිනට් මණ්ඩලයද මන්ත්‍රී ආසන සංඛ්‍යාව වන 225 කසීමාවට එකඟවී තිබේ. කෙසේ වෙතත් මෙහිදී මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ක්රමයේ වෙනසක් සිදුවෙයි.
ඒ අනුව ආසන ක්‍රමයට මන්ත්‍රීවරුන් 125ක්, දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් 75ක් හා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 25ක් ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තේරීපත්වීමට නියමිතය.
මෙය පනතක් ලෙස කෙටුම්පත් කර එළඹෙන සිකුරාදා දිනයේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය මැතිවරණ කොමසාරිස්වරයාට හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දීමටද කටයුතු කර තිබේ.
මේ අතර, මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255 ක් වියයුතු බවට සඳහන් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා වෙනත් පක්ෂ කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳ අවසන් තීන්දුව පාර්ලිමේන්තුවේදී පුළුල් සංවාදයකින් පසුව තීරණය කළයුත්තක් බවටද සඳහන් කර තිබේ