2050 වන විට ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් ඉහළ යන බවට කාලගුණ විශේෂඥයින් අනාවැකි පළකර ඇති බව වාරිමාර්ග සහ ජලසම්පත් හා ආපදා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
එසේ උවහොත් ලංකාවේ බොහෝ ප්‍රදේශයන්ට දැඩි නියං තත්ත්වයන් ඇතිවන බවද ඔහු ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (11දා) පාර්ලිමේන්තුවේදී නියොජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.
මෙම තත්වය සම්බන්ධයෙන් ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති ආපදා කළමණාකරන කමිටුව අවධානය යොමුකර ඇති බවත් ඒ සඳහා මුහුණ දීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස්කරන බවද රංගෙබණ්ඩාර මහතා කීවේය.
“2050 දී රටට වෙන්න යන විනාශය ගැන කවුරුවත් කතාකරන්නේ නැහැ. 2050 වනවිට දේශගුණික බලපෑම් යටතේ සෙල්ලියස් අංශක දෙකකින් ලංකාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. ගම්පහ සිට වයඹ , උතුරැමැද , ඌව , උතුර වගේ ප්‍රදේශ සියල්ලම දැඩි නියං තත්වයකට මුහුණ දෙන්නට නියමිතව තිබෙනවා.”