2030දී කොළඹට දිනකට අමතර කසළ මෙ.ටො 1300
- 3 05 2017
- 14:02
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය හා කොළඹ වරාය මූල්‍ය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග 2030 වනවිට කොළඹ නගරයට අතිරේකව කසළ මෙට්‍රික් ටොන් 1300ක් එකතු වන බවට පුරෝකථනය කර තිබේ.
ඒ අනුව කොළඹ නගරයේ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
01 මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් යුද හමුදාව කරගෙන යන වැඩකටයුතු මාස 5කින් අවසන් කර එය නාගරික වන උයනක් ලෙස සංවර්ධනය කිරීම.
02 කසළ බැහැර කිරීමේ ව්‍යාපෘති සඳහා මූලික පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය අනුගමනය කරමින් පාරිසරික අනුමැතීන් ලබාදීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවැරීම.
03 කසළ වර්ගකර බැහැර කිරීම සඳහා ජනතාව පෙළඹවීම හා වර්ගීකරණය කරන ලසද කසළ බිමක් ඒ සඳහා වෙන්කරන මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීම.
04 පවුල් 50,000කට වැඩි සංඛ්‍යාවක් වෙසෙන පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේම කසළ බැහැර කිරීමේ හා පිරිසැකසුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම පියවර ගැනීම.
05 මහානගර සංවර්ධන අමාත්‍යාංශය හා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය එක්ව කසළ මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
06 කැලණිය, කසළ හුවමාරු මධ්‍යස්ථාව ඉදිකිරීමට අවශ්‍ය ඉඩම මහනගර මා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම.
07 පුත්තලම අරුවක්කාරු කසළ බැහර කිරීමේ ව්‍යාපාතිය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩල මගින් විදේශ රාජ්යයන්ගේන් ව්‍යාපෘති යෝජන ලබාගැනීම.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

